ලංකාවේ සාමාන්‍ය මිනිසෙකුගේ මාසික වැටුප ළඟදීම රු. 40,000 පනිනවා


ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඉදිරි අවුරුදු කිහිපය තුලදී ඇමරිකානු ඩොලර් කෝටි 10,000ක අගයකට පිවිසෙන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
මෙය 2004දී ඩොලර් කෝටි 2,400ක් වූ ලංකාවේ මන්දගාමී ආර්ථිකය ශීඝ‍්‍ර ලෙස වර්ධනය වන තත්වයක් පෙන්නුම් කරන්නකි.
තවදුරටත් අදහස් දක්වන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එකී ඩොලර් කෝටි 10,000ක ඉලක්කයට ළඟා වූ විට ඒක පුද්ගල ආදායම ඩොලර් 4,000ක් ඉක්මවන බවත් එවිට ශ‍්‍රී ලාංකික ආර්ථිකයේ ව්‍යුහය හා ශක්තිය පැහැදිලි ලෙස වෙන් වනු ඇති බවය.
රජය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව පැත්තෙන් බලන විට අප රටේ ආර්ථික ක‍්‍රියාකාරීන්ට සුදුසු වාතාවරණයක් නිර්මාණය කල යුතු බවත් එවිට ස්ථාවර ආරක්‍ෂාකාරී හිතකර වාතාවරණයක කටයුතු කිරීමට හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive