ලොව ආශ්වාදජනක රටවල් 5 අතරට ශ‍්‍රී ලංකාවත්


2012 වසරේ ලොව වඩාත්ම ආශ්වාදජනක සංචාරක ගමනාන්ත 5 අතරට එක්සත් රාජධානියේ සුප‍්‍රකට ‘හෙලෝ’ සඟරාව විසින් ශ‍්‍රී ලංකාවද එක්කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ කඳුකරයේ තේ වතු යායක සේයාරුවක් එම සඟරාව සිය ඡායාරූප පෙළ අතරට එක්කර ඇත.
එමෙන්ම පින්නවල අලි අනාථාගාරය, පොළොන්නරුවේ ඓතිහාසික නටඹුන් සහ උණවටුන වෙරළ තීරය පිළිබඳවද එහි විශේෂ සඳහන් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ වන සතුන්, සංස්කෘතික දායාද සහ මනරම් දර්ශන සංචාරකයන් විසින් අනිවාර්යයෙන් අත්විඳිය යුතු බව හෙලෝ සඟරාව පෙන්වා දෙයි.
තායිලන්තය, ක්‍රොඒෂියාව, මාලදිවයින සහ මධ්‍යධරණී මුහුදේ පිහිටි සාඞීනියා දිවයින මෙම සඟරාවේ නවතම කලාපය මගින් අනෙකුත් ආශ්වාදජනක සංචාරක ගමනාන්ත ලෙස නම්කර ඇත.

August 19, 2012 at 10:43 pm | Gossip Lanka Hot News.

Gossip Lanka Hot News Previous News Archive