AAA අංක තහඩු ඛාණ්ඩය නිකුත් කරයි

ත්‍රිරෝද රථ සඳහා මෙතෙක්‌ නිකුත් කරනු ලැබූ ඉංග්‍රීසි අකුරු දෙක වෙනුවට AAA වශයෙන් ඉංග්‍රීසි අකුරු තුනක කාණ්‌ඩයකින් යුත් අංක තහඩු පසුගියදා නිකුත් කිරීම ආරම්භ කළා.

අංක තහඩු නිකුත් කිරීමේදී දැනට භාවිත කෙරෙන ඉංග්‍රීසි අක්‍ෂර දෙකේ කාණ්‌ඩ නිකුත් කොට අවසන් වීම නිසයි මෙලෙස ඉංග්‍රීසි අකුරු තුනකින් යුතු කාණ්‌ඩයක්‌ හඳුන්වාදුන්වා දී ඇත්තේ.

ඉංග්‍රීසි අකුරු දෙක බැගින් යොදා නිකුත් කරන ලද අංක තහඩු සහිත ත්‍රීවීල් රථ මේ වන විට 249,600 ක්‌ පමණ පවතින අතර ඉංග්‍රීසි අකුරු තුනක කාණ්‌ඩය හඳුන්වා දීම මගින් ත්‍රිරෝද රථ 6,489,600ක්‌ සඳහා වාහන අංක ලබාදිය හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයා පවසන්නේ.

18, 19, 300, 301, 302 අංකවලින් ආරම්භ වන වාහන අංක තහඩු වෙනුවටද ඉංගී‍්‍රසි අක්ෂර සහිත අංක තහඩු ඉල්ලූම් කළ හැකි අතර ඒ සඳහා රුපියල් 25,000/- ක් ගෙවිය යුතුය.

Gossip Lanka Hot News Previous News Archive