බුදු රජාණන් වහන්සේගේ පිළිරුවකට නිගා දෙන අන්දමින් ඡායාරූප ගනිමින් බෞද්ධයන්ට සිත් වේදනා දෙන ආකාරයෙන් ක්‍රියාකළ බවට චෝදනා ලැබූ ප්‍රංශ ජාතික සංචාරකයන් තිදෙනකුට ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් අත්හිට වූ සිරදඬුවම් පණවා තිබේ.
සංචාරකයන් පිරිස බුදු රජාණන් වහන්සේ සිප ගන්නා ආකාරය දැක්වෙන මෙම ඡායාරූප හමු වී තිබෙන්නේ ඔවුන් එම ඡායාරූප මුද්‍රණය කිරීම සඳහා භාර දුන් අවස්ථාවේදී.
මේ පිළිබඳව ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනා සහ පුරුෂයා දකුණු ශ්‍රී ලංකාවේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDUBfFajSbNOLSx31yIKOuzQpv6ezOtNRwYYS7lc8rBTrSORfPeqnWsxCSpvm7Exo3MvfU7O8YHqx1lfvlk_6aoBwRLUrxQDijLG3IfBXp5Port5n3hn81mLJhnR6DfMH1bzbeI4oWdrLw/s200/buddha-shoe.jpg)
"කිසියම් පන්තියක හෝ පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් වලට නිගරු කිරීම" තහනම් බව දැක්වෙන අපරාධ නීති විධි විධාන යටතේයි, ඔවුන්ට මෙම දඬුවම පණවා තිබෙන්නේ.
බුද්ධාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියක්.
"බුද්ධාගමට අපහාස කිරීමේ පත්‍රිකා" බෙදීමේ චෝදනාව යටතේ අරාබි ජාතිකයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බව පසුගිය මාසයේ වාර්තා වූ අතර, බුදුන් වහන්සේගේ රුව අඩංගු යතුරු කැරලි සෙවූ බව පැවසෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළෙඳුන් දෙදෙනකුට 2010 දී අත් හිට වූ සිරදඬුවම් හිමිවිය.
චාර්ල්ස් හැවිලන්ඩ්