ලංකාවේ ලොකුම පිඹුරා උකුවෙලින්

මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා ඊයේ මාතලේ උකුවෙල විදුලිබලාගාර භූමියෙන් හමුවී තිබෙනවා.

බරින් කිලෝ 122ක් වන මේ පිඹුරා අඩි 22ක් දිග බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. හමුවීමෙන් පසුව ඊයේ දිනයෙදීම වනජීවී නිළධාරීන් විසින් ඌ ඇලහැර ගිරිතලේ අභයභූමියට මුදාහැර තිබුණා.

මීට පෙර හමුවූ පිඹුරා ලෝකයේ බරින් වැඩිම පිඹුරා ලෙස සැළකූ අතර ඌ ද හමුවුනේ මාතලේ ප්‍රදේශයෙනි.


මාතලේ පතන්පහ ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ කලින් පිඹුරා දිගින් අඩි 21.7 ක් හා බරින් කිලෝ 87 ක් වූ අතර හමුවන අවස්ථාවේ වැලිමුවෙකු ආහාරයට ගෙන තිබුණු නිසා ඒ අවස්ථවේදී උගේ බර කිලෝ 100 කට වැඩියෙන් සටහන් වී තිබුණා.


Gossip Lanka Hot News Previous News Archive