කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි?


කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරක් අනුව කොළඹ නගර සභාවේ සේවිකාවක, ගුවන් සමාගමක සේවිකාවක සහ ත්‍රීරෝදරථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බවත්, කඩු කැබලි සහ මැණික් ගැලවූ ඉපැරණි මුද්දක් ඔවුන් සතුව තිබූ බවත් දැනගන්නට ඇත.

Gossip Lanka Hot News Previous News Archive