![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEH20NTtgVBld_mo9VbEZwtDIw8OgRCiMP34Xk6BCrIoi9VgGkmytWjZPXxwnLD-IgqPA-KGRGAfQG-ykuLBATTApyGYijkXnzwbdy6H-Nilkj3WkvmQkqB8fYa7P1vc2h7uovxWHGCsY/s200/41801_21194517877_5726_n.jpg)
‘කවුරු කුමන තීන්දුව ගත්තත් මගේ තීන්දුව මම දීලා ඉවරයි. මම හිරේ ගියත්, ජීවිතේ නැති වුණත් සත්ව බිලි පූජාව පැවැත්වීමට ඉඩ දෙන්නේ නෑ. වසර 30ක් ලෙයින් නැහැවුණු පුණ්‍ය භූමිය යළි ලෙයින් තෙත් කරන්න ඉඩ දෙන්න බෑ. මේ කාර්යේදී මේ රටේ 99.9%ක්ම මා සමඟයි.අපේ රටේ මිනිස්සුන්ගේ කැත පුරුද්දක් තියෙනවා. හැම දෙයක්ම ජනාධිපතිතුමාගේ ඔළුවට දානවා. හැම ප‍්‍රශ්ණයක්ම ජනාධිපතිතුමාගේ ඔළුවට දානවා. හැම ප‍්‍රශ්ණයක්ම ජනාධිපතිතුමාට විසඳන්න පුළුවනි නම් ඇමතිවරු වැඩක් නැහැනේ. අදාල අමාත්‍යවරයා පත් කරලා ඉන්නේ ඒකට තමයි.’ යයිද අමාත්‍යවරයා කියා සිටී.