කටුගේ හොර නායකයා ප‍්‍රියන්තලූ, අල්ලා දුන්නොත් ලක්‍ෂ පහක් දෙනවාලූ


කොළඹ ජාතික කෞතුකාගාර භාණ්ඩ සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත මෙණ්ඩිස් පිළිබඳ ව නිවැරදි ‍තොරතුරු ලබාදෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව නිවැරදි තොරතුරු වෙතොත් පහත සඳහන් දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඉල්ලා සිටියි.
බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – 0112 441147 / 0777 755950
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කො‍ට්ඨාසය – 0112 662323 / 0717 774400
ස්ථානාධිපති , කොළඹ අපරාධ කොට්ඨාසය – 011 2662311 / 0714 060906
කොළඹ අපරාධ කො‍ට්ඨාසය – 0112 685151
මෙම පුද්ගලයා පිළිබඳ ව නිවැරදි තොරතුරු ‍ලබාදෙන අයට රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදලක් ලබාදීමට ද කටයුතු යොදා ඇත.

Gossip Lanka Hot News Previous News Archive