ශ්‍රී ලාංකික සම්බවයක් සහිත අමෙරිකානු හමුදා නිලධාරියා මරුට .


ශ්‍රී ලාංකික සම්බවයක් සහිත අමෙරිකානු හමුදාවේ අංක 2 ප්‍රධාන වරෙන්තු නිලධාරි සුරේෂ්, එන්. ඒ. ක්‍රවුස් බ්ලැක්හෝක් වර්ගයේ හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් විය.හමුදා සේවා, ජාතික ආරක්ෂක සේවා, නේටෝ පදක්කම් හා හමුදා ගුවන් නියමු පදක්කම් ඔහු හිමි කර ගෙන තිබූ බව විදෙස් වාර්තාවල සඳහන් ය.


2007 වසරේ පෙබරවාරි පළමු වැනිදා අමෙරිකානු ගුවන් හමුදාවට එක් වූ සුරේෂ් 2009 වසරේදී බ්ලැක්හෝක් ගුවන් යානා නියෙමුවකු බවට පත් විය.29 හැවිරිදි වියේ පසු වූ සුරේෂ් මිය යන විට ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම්වල නිරතව සිටියේ ය.
ඔහු සමග තවත් තිදෙනෙකු ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

Gossip Lanka Hot News Previous News Archive