සැමියා ඝාතනය කර පෝරණුවක දමා පුළුස්සලා

හියංගනය, රිදීමාලියැද්ද අටේ කණුව ප්‍රදේශයේදී ග‍ඩොල් පෝරණුවක පිළිස්සී තිබීයදී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ 21 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, තියුණු ආයුධයකින් පහරදී ඇය තම සැමියා ඝාතනය කර ඇති බවයි.

ඝාතනය කිරිමෙන් පසුව සැමියා ග‍ඩොල් පොරණුවක දමා පුළුස්සා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම පුද්ගලයා පසුගිය සෙනසුරාදා සිට අතුරුදන්ව වී ඇති බවයි.ඊයේ  දහවල් ඔහුගේ ගෙවත්තේ පිහිටි ගඩොල් පෝරණුව තුළ පිළිස්සී මියගොස් සිටියදී සිරුර හමු වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි එක්දරු පියෙකි.
 මුලාශ්‍ර :-  සිරස පුවත්

Gossip Lanka Hot News Previous News Archive