මුන්නේෂ්වරම් බිලි පූජාව මෙවරත් නවත්වනවා. එදාට මං සත්‍යග‍්‍රහයක් කරනවා


ලබන මස පළමුවැනිදාට යෙදී ඇති මුන්නේෂ්වරම් කාලි කෝවිලේ වාර්ෂික සත්ව පූජාව මෙවරද වළක්වාලන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. එදින අලූයම සිට එම සත්ව පූජාව පැවැත්වීමට නියමිත කෝවිල ඉදිරිපිට සත්‍ය කි‍්‍රයාවක යෙදෙන බවද අමාත්‍යවරයා පැවසීය.කොළඹ මාධ්‍ය හමුවකදී මේ අදහස් පල කල අමාත්‍යවරයා මෙසේද කීය.‘ගියපාරත් මම මේක නැවැත්තුවා. ඉතින් ඒගොල්ලො චණ්ඩිකමක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක මං හිතන්නේ ඒ අය විසින්ම දඬුවමක් ලබා ගන්නව කියල මං විශ්වස කරනව.
භගවත් ගීතාව තියන පොතේ තියෙනව සතෙක් මරන්න  ඕනෙ ගිණියම් වෙච්චි තැටියක් උඩ නැගල. එහෙම මරණ මිනිස් පවුලෙ සාමාජිකයෙක් මටනම් තව හොගන්න බැරිවුණා.
ඊළඟට ශ‍්‍රී ලංකාව තුල දේවාලයක් ඉදිරිපිට සතුන් මරණ එකම තැන තමයි මේ කාලි කෝවිල. මම අදහන මම දන්න කාලි මෑණියො ලේ උරාබොන කෙනෙක් නෙමෙයි. එහෙම කාලි මෑණියො කෙනෙක් ඉන්නවම් එහෙම කාලි මෑනියන්ට විරුද්ධව කටයුතු කරන්න මං බයත් නෑ. මං අදහන කාලි මෑණියො ඒවට විරුද්ධයි.
මාධ්‍යයට මං කියන්නේ සතුන් ගෙන ඒමෙන් වලකින්න කියල ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න.

Gossip Lanka Hot News Previous News Archive