යෝගට්‌ වලට වස දමා තම පවුලම මරා දැමු අජාසත්ත පුතෙක්‌!

"ප්‍රශාන්ත් කුමාරස්‌වාමි" සේවය කළේ කොළඹ පිහිටි පෞද්ගලික ඖෂධ සමාගමකය. හෙතෙම ජීවත්වීමට තරම් සෑහෙන වැටුපක්‌ උපැයූවෙකි. කොටගල දිඹුල පදිංචිකරුවකු වූ "ප්‍රශාන්ත්" කොළඹ වැල්ලවත්ත, රාමක්‍ර
ිශ්ණා ටෙරස්‌හි රාමක්‍රිශ්ණා මහල් නිවාස සංකීර්ණය පිටුපස පිහිටි තෙමහල් නිවසක පහත මාලය කුලියට ගෙන පදිංචිවන්නේරැකියාවට යාම් ඊම් කිරිමේ පහසුව තකාය.ප්‍රශාන්ත් සමග සේවය කරන මිතුරෙකුට කිසියම් අවශ්‍යතාවයකට ඔහු සම්බන්ධ කරගැනීමේ වුවමනාව මතු වී තිබිණි. පසුගිය සිකුරාදා (17 දා) ඔහු දිගින් දිගටම ප්‍රශාන්ත්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නද එය ක්‍රියාවිරහිත කර තිබිණි. එහෙත් මිතුරාට ප්‍රශාන්ත් හමුවිමට දැඩි අවශ්‍යතාවක්‌ තිබූ නිසා එදා කළේ ප්‍රශාන්ත්ගේ ඥති සොහොයුරෙකු වන "නිකලස්‌ ජෙබමාලෙයි" ඇමැතීමය. එමෙන්ම ප්‍රශාන්ත්ගේ මිතුරා ජෙබමාලෙයිට පවසා සිටියේ දින කිහිපයක සිට ප්‍රශාන්ත්ගේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවය. ඒ නිසාම ඔහු සම්බන්ධ කරගත හැකි ක්‍රමයක්‌ සකස්‌ කර දෙන ලෙසද මිතුරා ජෙබමාලෙයිගෙන් ඉල්ලා සිටියේය.


මිතුරාගේ අවශ්‍යතාව වටහාගත් ජෙබමාලෙයි ඊට පසු දින එනම් සෙනසුරාදා කොටහේනේ තමන් පදිංචිව සිටි නිවසින් පිටත්ව ප්‍රශාන්ත් පදිංචිව සිටි වැල්ලවත්තේ පිහිටි නිවස කරා ගියේය. ජෙබමාලෙයි එම නිවසට ගිය නමුත් කිසිවෙකුත් නිවසෙහි සිටින බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත. එතෙක්‌ නිවසත්, පරිසරය පුරාත් දැඩි දුගඳක්‌ හමමින් තිබිණි. කොතරම් උත්සාහ දැරුවද නිවස තුළ කිසිවකු හෝ සිටින බවක්‌ පෙනෙන්ට තිබුණේ නැත. මේ කාරණයත්, දැඩිව හමා එන දුගඳත් ජෙබමාලෙයි තුළ ඇති කළේ කුතුහලයකි. යමක්‌ කමක්‌ තේරුම් ගැනීමට හැකියාව ඇති ජෙබමාලෙයි වැල්ලවත්ත පොලිසියට ගොස්‌ මේ ගැන දැනුම් දුන්නේය.

පොලිසිය ජෙබමාලෙයිද කැටුව නැවත ප්‍රශාන්ත්ගේ නිවසට පැමිණ දොර හැර පරීක්‌ෂා කර බැලුවේය. නිවසේ කාමරයක්‌ තුළට යද්දී දුගඳ දැඩිව හමා එන්නට විය. එම කාමරය පරීක්‌ෂා කරද්දී දුටු සැනින් ජෙබමාලෙයිද පොලිසියද වික්‌ෂිප්ත විය. කාමරයේ ඇඳක්‌ මත වූයේ, ප්‍රශාන්ත්ගේ පියාගේ මවගේ හා සොයුරියගේ මළ සිරුරුය. එම මළ සිරුරු ඉදිමී නරක්‌වී තිබිණි. සිරුරු තුනම ඇඳ ඇතිරිල්ලකින් වසා තිබිණි. විශේෂත්වය වූයේ එම සිරුරු මත කපුරු බෝල විශාල ප්‍රමාණයක්‌ "එයාර් ෙµෂ්නර්" කැට රාශියක්‌ දමා තිබීමය.

ජෙබමාලෙයි පවසන ආකාරයට සිදුව ඇති දේ ගැන ඔහුට කිසිවක්‌ සිතා ගන්නට නොහැකිය. ඔහු පවසන්නේ සිරුරු හමුවූ දිනට පෙර දිනයේද ප්‍රශාන්ත් තමාට මුණගැසුණු බවත්, එහෙත් එදා කිසිදු වෙනසක්‌ නොමැතිව කතා බහ කළ බවත්ය. එහෙත් ඒ මොහොත වනවිට ප්‍රශාන්ත්ගේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇතිවා සේම ඔහු ගිය තැනක්‌ සොයා ගැනීමද අපහසු වී තිබිණි.

සංගිලි කුමාරස්‌වාමි (60) අයියප්පචි පූබදි (57) දෙදෙනා සිය දියණිය වන විසිතුන් හැවිරිදි වියෙහි පසුවන අනඳප්‍රියා කුමාරස්‌වාමි සමග කොටගල දිඹුල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ඩෙලික්‌කෙයාර් වත්තේ ස්‌ථිර පදිංචිකරුවන් ලෙස ජීවත් විය. ඔවුන්ගේ දියණිය කොටගල ක්‍රෙග්ලි වතුයායේ පුහුණුවන ලිපිකාරිනියක ලෙස සේවය කළාය.

"සංගිලි" ද ඩෙලික්‌කෙයාර් වතුයායේ රියදුරෙකු ලෙස වසර හතලිහකට ආසන්න කාලයක්‌ සේවය කළ අතර ඔහු පසුගිය කාලයේ විශ්‍රාම ලදව සිටියේය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට විශාල මුදලක්‌ ප්‍රතිලාභ වශයෙන් හිමිව තිබිණි. සිය බිරිඳගේ හා දියණියගේ වුවමනාව පරිදි නිවසේ අලංකරණ කටයුතු සඳහා සුළු මුදලක්‌ වැය කළ සංගිලි ඉතිරි මුදල් වියදම් ප්‍රවේසම් කරන්නට උත්සාහ කළේ දියණියගේ අනාගත කටයුතු වෙනුවෙනි. එහෙත් ප්‍රශාන්ත්ට ඒ මුදල්වලින් කළ යුතු යෑයි හැඟුණු බොහෝ දේ විය. සිය පියා හා ප්‍රශාන්ත් සමග එතරම් දුර දිග නොගිය කතා බහ ද මේ හේතුවෙන් ඇතිවිණි.

පසුගිය දොළොස්‌ වැනිදා ප්‍රශාන්ත් වෑන් රථයකින් කොටගල නිවසට පැමිණියේ, "අපි මුන්නේශ්වරම් කෝවිලට යමු" යි කියමිනි. ප්‍රශාන්ත් සිය පියාටත්, මවටත් නැඟණියටත් කීවේය. සියලුදෙනාම ඔහුගේ අදහසට එකඟ වන්නේ දීර්ඝ කාලයකට පසු පවුලේ සැමට එක්‌ව දුර ගමනක්‌ යැමට අවස්‌ථාව උදාවන හෙයිනි. මුන්නේශ්වරම් කෝවිලට යැම යනු ඔවුන්ගේ භක්‌තිමත් ආගමික ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ ලෙසද ඔවුහු සැලකූහ. මේ පවුලේ උදවිය අසල්වැසියන්ට පවස තිබුණේ ටික දිනක්‌ ගමෙන් බැහැරව යන බවත්, පුතු සමඟ දින කිහිපයක්‌ කොළඹ වැල්ලවත්තේ පිහිටි නිවසේ කාලය ගත කරන බවත්ය.

පසුගිය දොළොස්‌වැනිදා වන විට මේ පවුලේ උදවිය සියලු දෙනාම කාලය ගත කර ඇත්තේ ප්‍රශාන්ත්a විසින් කුලියට ගන්නා ලද වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ පිහිටි ඇනෙක්‌සියේය. ඉතා සතුටින් මුන්නේශ්aවරම් හා පුතුගේ කොළඹ නවාතැනට පැමිණි උදවිය අතර එතරම් සුහදශීලී බවක්‌ පෙනෙන්නට නොතිබිණි. ඒ බව සනාථ වන්නේ ප්‍රශාන්ත්a කුලියට ගත් නිවසේ හිමිකාරියට ඔවුන් අතර උස්‌හඬින් සිදුවන කතාබහක්‌ නිතර ඇසෙන්නට වූ නිසාය. එමෙන්ම ප්‍රශාන්ත්a නිවසේ මිදුලට වී දුරකථන සංවාදවල යෙදී සිටින ආකාරය ද නිවසේ හිමිකාරිය දැක ඇත. එහෙත් එම දිනයෙන් පසු ප්‍රශාන්ත්a හෝ ඔහුගේ පවුලේ උදවිය කිසිවකුටත් දකින්නට ලැබුණේ නැත.

ප්‍රශාන්ත්aගේ මිතුරා වන රවිබාමාලෙයි, පොලිසිය සමග ගොස්‌a නිවස පරීක්‍ෂා කරන තුරුත් ඒ නිවස තුළ මළ සිරුරු ඇති බවට කිසිවකුටත් හෝඩුවාවක්‌ ලැබී නැත. වෙනකක්‌ තබා දුගඳ හැමීමක්‌ හෝ සිදුව නැත.

ඒ ආසන්නයේ අසල්වැසියන් විමසූ විටදී පවසන්නේ ද එවැන්නක්‌ ගැන නොදැන සිටි බවයි. එහෙත් පාරේ ශුද්ධ පවිත්‍ර කිරීම්වල යෙදී සිටි නගර සභාවේ කාන්තාවන් දෙදෙනකුට වටපිටාවේ යම් වෙනස්‌ දුර්ගන්ධයක්‌ පැතිර යන බව දැනී ඇත.

"මේ ගෙවල්වලින් කුණු ගෙනියන්න අපි එනවා. සිකුරාදා ඒ ගෙදර කුණු දෙන්න කවුරුත් හිටියේ නෑ. ඒත් කුණු බෑග් එකක්‌ එළියේ තිබ්බා. ඒක අස්‌කළාට පස්‌සේත්, දිගටම කුණු ගඳ ආවා. අපි හිතුවේ තවත් කුණු ටිකක්‌ කොහේ හරි ඇති කියලයි."

මෙහිදී එම මරණය සිදු වූ ආකාරය පිළිබඳව කිසිදු තොරතුරක්‌ හරිහැටි අනාවරණය කර ගැනීමට නොහැකි විය. මරණවලට හේතුව නිශ්චිතව ප්‍රකාශ කරන්නට නොහැකිව ඇති හෙයින් මරණ පරීක්‍ෂණයේදී විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් මේ මරණ විෂ ශරීරගත වීමකින් සිදුවූවක්‌ බවට පවතින සැකය දිගින් දිගටම පැවතිණ.

එමෙන්ම මෙම මරණ සම්බන්ධයෙන් එක එල්ලේම ප්‍රශාන්ත්a කෙරෙහි සැක මතුවන්නට හේතු කාරණාද තිබිණි. ප්‍රශාන්ත්aගේ මව පියා හා නැඟණිය විසූ ඩෙලික්‌ කෙයාර් වතුයායේ පිහිටි නිවසට අගෝස්‌තු 16 වැනිදා සවස ප්‍රශාන්ත්a නැවත පැමිණෙන්නේ පවුලේ උදවිය කිසිවකුත් නොමැතිවය. සැන්දෑ වරුවක එසේ පැමිණෙන ප්‍රශාන්ත්a වැඩිවෙලාවක්‌ එහි රැඳී සිටින්නේද නැත.

"වීදුරු කළු කරපු සුදු වෑන් එකකින් ප්‍රශාන්ත්a හවස ඇවිත් ඉක්‌මනින් ගියා. කවුරුත් ඒ ගැන සොයා බලන්න ගියේ නෑ." ඩෙලික්‌ කෙයාර් වත්තේ අසල්වැසියන් පැවසීය.

පසුව හෙළිවන ආකාරයට එම නිවසේ ඉදිරිපස දොරෙහි ඉබි යතුරු කඩා දමා නිවස තුළට ඇතුළු වී කාමරයක තිබූ අල්මාරිය මුළුමනින්ම ඇද අවුස්‌සා දමා තිබී ඇත.

එහිදී ද ප්‍රශානාත් කෙරෙහි යම් සැක සංකා මතු වූ නමුත් පොලිස්‌ පරීක්‍ෂණ ඉදිරියටම ගියේය.

ඒ අතරවාරයේ ප්‍රශාන්ත්ගේ ඥති සොහොයුරියකට ඔහුගෙන් ඊමේල් පණිවිඩයක්‌ ලැබෙන්නේය. එය යොමු කර ඇත්තේ පසුගිය 18 වැනි සෙනසුරාදාය.

"අක්‌කේ මට සමාවෙන්න....... මට ජීවිතේ වැරදුණා..... අම්මටයි තාත්තාටයි කරදරයක්‌ වුණා. මම අපි හතර දෙනාගේම ජීවිතවලට තිත තිබ්බා. අම්මයි තාත්තයි ගිය ලෝකයටම මමත් යනවා. ගමේ කැලෑවකින් මාවත් හම්බවෙයි.......

මම ගොඩක්‌ ණයයි.... ඒත් මම නරක මිනිහෙක්‌ නෙවෙයි... මෙහෙම දෙයක්‌ කළ එකට මට අනුකම්පා කරන්න. එක වතාවක්‌ හරි මා ගැන හිතලා අඬන්න. අක්‌කගේ දරුවන්ට කියන්න මම බලන්න ආසයි කියලා. මගේ කෙල්ල නිත්‍යකලා ගැන හොයලා බලන්න. එයා අහිංසකයි. මම දැන් කොළඹ තුනෙන් පිටත් වෙනවා.·.....

වාර්තා වන ආකාරයට ප්‍රශාන්ත් මේ ඊමේල් පණිවිඩය එවා ඇත්තේ කොළඹ තුනේ යම් තැනක සිටය. ඒ තමාගේ ලැප්ටොප් පරිගණකයෙනි. ඊමේල් පණිවිඩයට අනුව ඔහු කොළඹින් පිටත් වන්නේ එය ලැබුණු 18 වැනිදාය. එහෙත් මේ වනතෙක්‌ම ඔහු ගැන හරි තොරතුරක්‌ වාර්තා වන්නේ නැත.

ප්‍රශාන්ත්ගේ ඊමේල් පණිවිඩය අනුව සියල්ලන්ගේම ජීවිතවලට තිත තබා ඇත්තේ ඔහුය. ඒ කවරක්‌ නිසාද? මව්පියන් හා නැඟණිය මරා දමන්නට තරම් ඔහුගේ සිතෙහි දරුණු ආවේගයක්‌ මතුවන්නට හේතුව කුමක්‌ද? ඒ බව අනාවරණය කරගැනීමට ඉකුත් 24 වැනිදා තෙක්‌ පොලිසියට ඉවසා සිටින්නට සිදුවිය. අපරාධයක්‌ සිදුකර කිසිවිටත් සැඟ වී සිටිය නොහැකිය. එය කුමන හෝ ස්‌වරූපයකින් එළි වි එහි ආදීනව විඳින්නට සිදුවන්නේය. ඒ දහම යළිත් සනාථ වන අයුරු මේ සිද්ධියේදීද දැකගන්නට එතරම්ම කාලයක්‌ ගියේ නැත. ප්‍රසාන්ත් සම්බන්ධයෙන් සිකුරාදා (24) උදෑසන කොළඹ අපරාධ කොට්‌ඨාශයට වැදගත් ලැබිණ. එයින් සඳහන් වුයේ ප්‍රශාන්ත්ට සමාන පුද්ගලයෙකු කොළඹ සිට කුරුණෑගල බලා යන බස්‌ රථයක සිටින බවය.

කොළඹ අපරාධ කොට්‌ඨාශයේ නිලධාරී වහා ක්‍රියාත්මකව කඩවතදී එම බස්‌ රථය නවතා දැඩි සෝදිසියක්‌ කළේය. එවිට හිස මුඩු කර ගත් පුද්ගලයෙකු කෙරෙහි පොලිසියේ සුපරීක්‍ෂාකාරී ඇස යොමු විය. තම පෙනුම වෙනස්‌ කර ගැනීමට හිස මුඩුකර සිටියත් හේ පොලිසියට අවශ්‍ය ප්‍රසාන්ත්ම බව ඔහුගෙන්ම දැන ගැනීමට පොලිස්‌ නිලධාරීහු සමත් වූහ. අනතුරුව මේ අපරාධයේ ඇති තතු එකින් එක ප්‍රසාන්ත් පොලිසිය හමුවේ වමාරන විට තමන්ගේම මවත් පියාත් නැගණියත් මරා දැමුවේ යෝගට්‌ වලට වස මුසු කිරීමෙන් බව ප්‍රසාන්ත් කීවේය. තමන්ට තිබූ ණය බරින් නිදහස්‌ වීමට පියාගෙන් මුදල් ඉල්ලු බවත් එය නොදුන් විට ඇති වූ කෝපය නිසා මෙවැනි අපරාධයකට තමන්ගෙ සිත යොමු වූ බවත් පොලිසිය හමුවේ ප්‍රසාන්ත් පාපොච්චාරණය කර ඇත.

දැන් ප්‍රසාන්ත්ට තමන් කර ඇති පාප කර්මයේ තරම තේරුම් ගොස්‌ ඇත. එහෙත් ඒ වන විට වටිනා ජීවිත තුනක්‌ විනාශ කර ඔහු ඔහුගේ ජීවිතයද නිරයට දමා ගෙන ඇත.

උදේශ සංජීව ගමගේ
තිස්‌ස ගුණතිලක

Gossip Lanka Hot News Previous News Archive