ඕන නම් මගේ බෙල්ල කපන්න - අමාත්‍ය මර්වින් සිල්වා


‘කපිලවස්තු සර්වඥ ධාතූන් වැඩම කර සිටින අවස්ථාවක කිසිම කෙනෙකුට සත්ව බිලි පුජා තියන්න ඉඩ දෙන්නේ නෑ. බිලි පූජාවක් තියන්න  ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න’ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
මුන්නේෂ්වරන් කාලි කෝවිලේ බිලි පූජව කවුරුන් විරුද්ධ වුණත් පවත්වන බවට එම කෝවිලේ ප‍්‍රධාන පූජක තැන විසින් කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව කීය.


අමාත්‍යවරයා මෙසේද පවසයි.
‘මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ව බිලි පූජාව සඳහා සතුන් රැුගෙන ඒමෙන් වලකින ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වසරේත් මේ බිලි පූජාව නතර කරදෙන ලෙස සංවිධාන ගණනාවක් මගෙන් ඉල්ලීමක් කලා. එදා මම අහිංසක සතුන් ගණනාවක ජීවිත බේරා දුන්නා. ඒකෙන් පස්සෙ මට දේව සාපයකට මුහුණ දෙන්න වුණේ නෑ.
බොරු කියලා ජනතාව රවට්ටන්න මම කාටවක් ඉඩ දෙන්නේ නෑ. මට එරෙහිව පොල්ගසා, වස්කවි, කොඩිවින කලාට මම නිවැරදිව සිටින තාක් ඒවා වදින්නේ නෑ’

Gossip Lanka Hot News Previous News Archive