බාල ඞීසල්වලට හේතුව ක්‍ෂුද්‍ර ජීවීන් බව කමිටු වාර්තාව කියයි


තෙල් සංස්ථාවෙන් බෙදා හරින ලද ඞීසල් භාවිතයෙන් වාහන කාර්මික දෝෂවලට ලක්වන්නට ඇත්තේ ඉන්ධනවල සිටි ක්‍ෂුද්‍ර ජීවීන් අඩංගු වීමක් නිසා විය හැකි බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ති‍්‍රපුද්ගල කමිටුව පවසයි.
එම කමිටුවේ වාර්තාව ඊයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයාට භාරදී ඇති අතර ඞීසල්වල ක්‍ෂුද්‍ර ජීවී වර්ධනය දිලීර සෑදී තිබීම ආදි කරුණු පරීක්ෂා කිරීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය මගින් විද්‍යාත්මක රසායනාගාර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහි දක්වේ.
එමෙන්ම ඞීසල් ෆිල්ටර් තුළින් ගමන් කිරීමේ අපහසුතාවට බලපෑ හේතු සොයා ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණයක් කළ යුතු බවද ති‍්‍රපුද්ගල කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
ඞීසල් තොගය පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට පෙර කෙරුණු පරීක්ෂණවලදී නියමිත පිරිවිතරයන්ට අනුකූලව පැවැති බවද පවසන වාර්තාව කොලොන්නාව හා සපුගස්කන්ද රසායනාගාර ජාත්‍යන්තරව පිළිගත් නවීන තාක්ෂණික උපකරණ වැඩිදියුණු කළ යුතු බවටද යෝජනා කරයි.
එමෙන්ම රසායනාගාර යාවත්කාලීන වන තෙක් විශ්වාසවන්ත සැපයුම්කරුවන් මගින් මෙරට අවශ්‍ය ඉන්ධන සපයා ගත යුතු බවද කමිටුව නිර්දේශ කරයි.

Gossip Lanka Hot News Previous News Archive