මෙරටේ පිළිකා රෝගීන් වර්ධනය ඉහළට

ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන්ගේ වර්ධනය ඉහළ යමින් ඇති බවත්, වසරකට අලුතින් පිළිකා රෝගීන් දසදහසක්‌ පහළොස්‌ දහසක්‌ අතර (10,000 - 15,000) ප්‍රමාණයක්‌ සොයා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශකර සිටී.

 

මෙම පිළිකා රෝගීන් අතුරින් 3,600 ක්‌ පමණ පිරිසක්‌ ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන්ට ලක්‌වූ කාන්තාවන් බවත් මෙලෙස පිළිකා වැළඳීමට පෙර ඒ පිළිබඳ කල්තියා හඳුනා ගැනීමේ ක්‍රමවේද ඇතත් මෙතරම් ප්‍රමාණයක්‌ ඊට ගොදුරු වීම කනගාටුවට කරුණක්‌ බවද අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කාන්තාවන් අඩුම තරමින් වසර දෙකකට වරක්‌ හෝ පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා සම්බන්ධ පරීක්‌ෂණයකට යොමුවිය යුතු බවද කී ඉහත ප්‍රකාශකයා අදාළ රෝගය "මැමෝග්‍රැෆ්" පරීක්‌ෂාව මගින් කල්තියා හඳුනාගත හැකි බවද කීය.

පිළිකාවක්‌ ඇතිවන ආකාරය

පිළිකා යන නම ඇසූ පමණින් අප තුළ ඇති වන්නේ බියකි. එසේ නම් පිළිකා රෝගය වැළඳී ඇති පුද්ගලයන්ගේ මානසිකත්වය සිතාගත හැකිය.

මෙම රෝගය මිනිසුන්ට පමණක්‌ නොව සතුන්ටද ඇතිවේ. සත්ත්ව සංහතියේ ආරම්භයේ සිට පැවත එන රෝග තත්ත්වයකි. කර්කටාර්බුද, කැන්සර් (Caබජැර) කාර්සිනෝමා Caරජසබදප්) ලෙසත් ආයුර්වේදයට අනුව ගඩු, බන්ධන අට පලාගෙඩි වැනි නම් වලිනුත් හඳුන්වනු ලබන්නේ පිළිකා රෝගයයි.

පිළිකා රෝගයට අප තුළ බියක්‌ මතුවන්නේ එය නිට්‌ටාවට සුව කිරීමට ඇති ප්‍රතිකාරවල හිඟකම නිසාවෙනි. වෙනත් රෝගවලට පවතින්නේ හේතු කාරණ කිහිපයක්‌ පමණි. ඒ සඳහා ඖෂධ මගින් ප්‍රතිකාර කළ හැකිය. නමුත් පිළිකා ඇතිවීමට බලපාන හේතු සාධක විශාල ප්‍රමාණයක්‌ තිබේ. පැරණි ආයුර්වේද ග්‍රන්ථවල දක්‌වා ඇත්තේ පිළිකා ඇතිවීම සඳහා හේතු සාධක 4048 ක්‌ පමණ ඇති බවයි. වර්තමානය වන විට එය වෙනස්‌වී ඇත. එබැවින් පිළිකාව ඇතිවීමට බලපෑ හේතු සාධකය අනුව ඊට ප්‍රතිකාර කළ යුතුය.පිළිකාව යනු කුමක්‌ද?


පිළිකාවක්‌ ලෙස හඳුන්වන්නේ සිරුරේ ඇති සෛල අක්‍රමවත් ආකාරයට වර්ධනය වීමය. අපගේ සිරුරේ ඇති කුඩාම ඒකකය වන සෛල වර්ධනය වන ක්‍රමයක්‌ ඇත. මෙය අක්‍රමවත්වීම නිසා සෛල බෙදීම අසාමාන්‍ය වේ.

සෛල තුළ ඇති න්‍යෂ්ටියෙහි වර්ණ දේහ පවතී. එය ජාන ලෙසත් හඳුන්වනු ලබයි. මෙම ජාන තුළ ඇති ඩී. එන්. ඒ. නමැති කෙටි නාමයෙන් හඳුන්වන ඩියෝක්‌සි රයිබෝ න්‍යqක්‌ලික්‌ ඇසිඩ් (Deදංහ Rයසඉද භැමජකසජ Aජසා) මගින් සෛල බෙදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මෙම යාන්ත්‍ර්‍රණයට අනුව අලුතින් සෛල බෙදීම, පැරණි සෛලවල කාලය අවසන්වූ පසු ඒවා විනාශ කිරීම සිදුකරනු ලබන්නේත් ඩී. එන්. ඒ. මගිනි.

මෙම යාන්ත්‍රණය අපට නොදැනීම සෑම මොහොතක්‌ පාසා සිදුවේ. පිළිකා ඇතිවූ විට සිදුවන්නේ මෙම ක්‍රමවත් යාන්ත්‍රණය බිඳවැටීමය. එවිට එම බිඳ වැටීම සිදු වූ ශරීර කොටසේ සෛල බෙදීම සහ පැරණි සෛල විනාශ කිරීම අපිළිවෙළට සිදු වේ.

පිළිකාවක්‌ හැÄන්වීමේ සාමාන්‍ය ආකාරය මෙය වුවත් සෑම පිළිකාවක්‌ව මේ ආකාරයෙන් මතු නොවේ. ඇතැම් පිළිකා වර්ග ඊට ආවේණික වූ ආකාරයට වර්ධනය වීම සිදු වේ.

කෙසේ නමුත් පිළිකා සෑදීමට හේතුවන්නේ ඩී. එන්. ඒ. අනු තුළ ඇතිවන විකෘතිතාවයි. සිරුරේ ඇති සෛලයක්‌ වර්ධනය වන ව්‍යාප්ත වන සහ මිය යන ලෙසින් අධියර තුනක්‌ පවතී. මෙලෙස සෛලයක්‌ තමාට නිශ්චිත පරිදි ඇතිවීම, පැවතීම සහ නැතිවීම ඇපොප්ටොසිස්‌ (Aචචදචඑදිසි) ලෙස හඳුන්වයි.

මේ සඳහා ජාන විශේෂ හතරක්‌ බලපානු ලබයි. එනම් සෛල බෙදීම සඳහා නියෝග කරන ඔන්කොග්නී ධබජදටැබැ සෛල නොබෙදිය යුතු අවස්‌ථාව නියෝග කරන ටියුමර් සප්ප්‍රෙෂර් ඔමපදමර Sමචචරුssදර සෛලයේ දෝෂයක්‌ ඇතිවූ විට එය විනාශවීම නියෝග කරන සූසයිඩ් Sමසිසාe සහ ආපදා තත්ත්වයකට පත්ව ඇති ඩී. එන්. ඒ. ඇත්නම් ඒවා අලුත්වැඩියා කරන ඩී. එන්. ඒ. රෙපයාර් DභA Reච්සර යන ජාන වර්ග හතරය.

ඒ අනුව මෙම ජානවලට යම් හානියක්‌ සිදුවුවහොත් හෝ විකෘතිතාවක්‌ ඇතිවුවහොත් සිදුවන්නේ සෛල හිතුවක්‌කාර ලෙස වර්ධනය වීමය. එනම් පිළිකාවක්‌ ඇතිවීමේ මූලික සාධක මතුවීමය.

පිළිකා ඇතිවීම සහ රෝග ලක්‍ෂණ පිළිබඳව ඉදිරියේදී විමසා බලමු.

වෛද්‍ය වජිර කුමාර
පුලස්‌ති වෛද්‍ය මධ්‍යස්‌ථානය

Gossip Lanka Hot News Previous News Archive