මරණ දණ්ඩනයෙන් නිදහස් වෙන්න එල්ලිලා

මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක් බෝගම්බර බන්ධනාගාරය තුළදී ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.  මෙම සිරකරුවා ඔහු රැදී සිටි සිර කුටිය තුළදී ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්ය. ගම්පහ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කර තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සහ බන්ධනාගාරය පාලන අධිකාරිය පරීක්ෂණ ආරම්භ කොට ඇත. 
  මුලාශ්‍ර :- දෙරණ පුවත්

Gossip Lanka Hot News Previous News Archive