ශ‍්‍රී ලංකා ඩිජිටල් සිතියමක්


ශ්‍රී ලංකාව පිළිඹදව විශේෂිත කරුණු කාරනා ගැන ජනතාවට අවබෝධය ලබා දීම සදහා ඉදිරියේදී ඩිජිටල්ගත සිතියම් යොදා ගැනීමට පියවර ගැණේ.ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.


මේ වන විට සාමාන්‍ය ආකාරයට ලිපි ලේඛන මෙන්ම සංඛ්‍යාලේඛන ඔස්සේ සිදු කෙරෙන පැහැදිලි කිරීම් හදුනා ගැනීම් සදහා  මේ අනුව මෙම ඩිජිටල්ගත සිතියම් යොදා ගැනීමට නියමිතව තිබේ.
මීට අදාල එකගතාවයන්ට එළඹීම මැනුම්පති එස්.එම් ඩබ්ලිව් ප්‍රනාන්දු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරු අතර නොබෝදා  ශ්‍රිලංකා මිනින්දෝරු  දෙපාර්තමේන්තුවේදී සිදුවිය.
මීට යොදා ගැනීම සදහා එකට පනස් දහසේ පරිමාවට සකස් කරන ලද ශ්‍රී ලංකාවේ මංමාවත් ගංගා ඇලදොල ග්‍රාම සේවා වසම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහිත ඩිජිටල් සිතියම් ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වෙත ලබා දීමද මෙහිදී සිදුවිය.
මෙම ඩිජිටල් සිතියම් මත විශේෂිත තොරතුරු මුලාශ්‍ර අන්තර්ගත කිරීමෙන් පසු එම සිතියම් මධ්‍යගත තොරතුරු පද්ධතියකට එක් කිරීමට නියමිත බවද නියෝජිතායතනය පවසයි.
ජාතික මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙන්ම රටේ  සාමාජීය ආර්ථික සෞඛ්‍ය කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍රයන් පිළිබදව ඉතා නිවැරදි සහ පැහැදිලි තීන්දු තීරණ වලට එළඹීමට මෙය මහගු රුකුලක් වන බව නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive