නීල් ආම්ස්ට්‍රෝං මියයයි.


සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝං අභාවප‍්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මස ආරම්භයේදී හෘද සැත්කමකට භාජනය වූ ඔහු මිය යන විට ඔහු 82හැවිරිදි වියේ පසුවිය.සැත්කමින් ඇතිවූ සංකූලතාවය මරණයට හේතු වූ බව ආම්ස්ට්‍රෝංගේ පවුලේ ප‍්‍රකාශකයෙක් පවසා ඇත.1969 ජූලි මස 21 වනදා සඳමත පා තැබූ ප‍්‍රථම මිනිසා බවට ආම්ස්ට්‍රෝං පත්විය. ‘මෙය මිනිසෙකුගේ කුඩා පියවරක් පමණක් වුවද මානව සංහතියම තැබූ යෝධපිම්මක්’ යනුවෙන් ඔහු එම අවස්ථාවේ පැවසීය
.
සඳගමන සිදුකල ඇපලෝ 11 යානාවේ අණදෙන නිලධාරියා ලෙසද නීල් ආම්සට්‍රෝං කටයුතු කළේය. ඔහු දක්ෂ අණදෙන නිලධාරියෙක් යයි ඔහුගේ සඳගමනේ සගයෙක් වූ එඩ්වින් ඔල්ඩි‍්‍රන් මාධ්‍ය වෙත පවසා ඇති අතර සඳ ගමනේ 50 වන සංවත්සරය සැමරීමට ආම්ස්ට්‍රෝංට නොහැකිවීම කණගාටුවට කරුණක් බවද පවසා ඇත.
ආම්ස්ට්‍රෝං ඇමරිකා වැසියෙකුට ලබාගතහැකි උසස්තම සම්මානය වන කන්ග‍්‍රෂනල් රන් සම්මානයෙන් ඔහු පසුගිය නොවැම්බරයේදී පිදුම් ලැබීය.

Gossip Lanka Hot News Previous News Archive