නාඋරු ගිවිසුමට එරෙහිව කොටි පෙළ ගැසෙති

සරණාගත මුවාවෙන් මිනිසුන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා එවැනි පිරිස් දකුණු පැසිපික් සාගරයේ නාඋරු රාජ්‍යයේ රඳවා තැබීම සඳහා වන ගිවිසුමකට ඕස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලාඩ් ද නාඋරු ජනාධිපති ස්ප්‍රෙන්ට් ඩබ්විඩෝ ද බ්‍රහස්පතින් දා අත්සන් කළහ. ඕස්ට්‍රේලියා විපක්ෂ නායක ටෝනි ඇබටේ ද ඊට සහාය දක්වයි. මේ ගිවිසුමට එරෙහිව ඕස්ට්‍රේලියවේ වෙසෙන කොටි හිතවාදීහු  ද විවිධ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ ද උද්ඝෝෂණ පැවැත්වීමට අර අඳිති.මෙම ගිවිසුම අනුව මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන්ව කෙලින්ම යොමුකරන්නේ නාරු දිවයින වෙතටයි.
මෙහිදි සරණාගතයනට මොනතරම් කාලයක් මෙම සරණාගත කඳවුරුවල ජීවත්වීමට සිදුවන්නේ දැයි මෙතෙක් පැහැදිලි කර නැත. නාඋරු දූපතේ විශාලත්වය වර්ග කිලෝමීටර් 21කි. ජනගහනය 9500කට ආසන්නය. ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර පිරිස් අඹුදරුවන්ද සමග සිය ගණන් පිරිස් ඕස්ට්‍රේලියාවට ගන්නට ගොස් නාවික හමුදාවට අසු වීය.
  මුලාශ්‍ර :- ලංකාදීප


Gossip Lanka Hot News Previous News Archive