ඉන්දීය අග්නි මිසයිල ගැන ශ‍්‍රී ලංකාව සොයයි


ඉන්දීය අග්නි මිසයිල පද්ධතියක් ශ‍්‍රී ලංකාවේ මර්මස්ථාන හතක් ඉලක්ක කර ඇතැයි පලවූ වාර්තා හේතුවෙන් ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා රජය දැඩි විමසිල්ලෙන් පසුවේ.මෙම රහස් හෙලී වී ඇත්තේ ශ‍්‍රී ලංකා රජය විසින් චීන රජයට සම්බන්ධ යුධ අවි හා වෙනත් උපාංග නිපදවන කැටික් සමාගම් මූලස්ථානයක් කොළඹ කොල්ලූපිටියේ ඉදිකිරීමට ඉඩදීමත් සමඟය.මෙම දැවැන්ත චීන සමාගම මිලයට ගැනීමට එකඟ වූ කොල්ලූපිටියේ පෞද්ගලික ඉඩම සම්බන්ධව ඉන්දීය රජය විසින් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා වෙත දැඩි විරෝධය පල කර තිබිනි.
වන්නි මෙහෙයුම් සමයේ කොටින්නට එරෙහිව අවි ආයුධ සැපයීමට ක‍්‍රියා කලේ චීන රජයේ කැටික් සමාගමයි.
චීනයේ සිටි ඉන්දීය රෝ බුද්ධි සේවා නිලධාරියෙකු ඉන්දීය රජය විසින් සේවයෙන් පහ කිරීමෙන් පසුව මේ රහස් හෙලිව ඇත.
ඉරානයේ සිට පාකිස්තානය, ශ‍්‍රී ලංකාව, මියන්මාරය  හරහා ක‍්‍රියාත්මක වන චීන සැපයුම් මාර්ගය බිඳ හෙලීම සඳහා ඉන්දීය ඇමරිකා රහස් සැලසුමක්ද දියක් වී ඇතැයි හෙළිව තිබේ.

Gossip Lanka Hot News Previous News Archive