හිමිනමක් සහ තවත් අයෙක් ගංජා රැ‍ගෙනවිත් මාට්ටු

ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී හිමිනමක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී රාජාංගනය පොලීසිය විසින් සිදුකළ සෝදිසියක දී අත්අඩංගුවට ගෙන ඇත. එම හිමිනම සතුව ගංජා කිලෝ ග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක් සහ අනෙක් සැකකරු සතුව ගංජා ග්‍රෑම් 500 ක් පමණ තිබු බව පොලීසිය පැවසුවේය.සැකකාර හිමිනම රාජාංගනය යාය 18 ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් බව සඳහන්ය. සැකකරුවන් අද (31) තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 
 මුලාශ්‍ර :- දෙරණ පුවත්

Gossip Lanka Hot News Previous News Archive