විශ්ව විද්‍යාල වහන බලය මට තියෙනවා


විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත්  කිරීමට පෙර පැවැත්වෙන නායකත්ව පුහුණුව මෙවරද ස්ථීර වශයෙන් සිදු කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පෙර ලබාදෙන තාක්ෂණ හා ඉංග්‍රීසි පාඨමාලා පුහුණුව ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය නිසා ප්‍රමාදයක් සිදුව ඇති බවත් ඒ නිසා ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ පාඨමාලා නතරකර, එම පාඨමාලා විශ්වවිද්‍යාල ඇතුළේ කරන්න අවස්ථාව සලසා දී, දරුවන් ඔක්තෝබර් වනවිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව ද අමාත්‍යවරයා  සඳහන් කළේය.

”උප කුලපතිවරු සියලු දෙනාම මණ්ඩපාධිපතිවරු සියලු දෙනාම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කළා මේ උපකුලපතිවරුන්ගේ හා මණ්ඩපාධිපතිවරුන්ගේ මතය වුණේ, විශ්වවිද්‍යාලවල කොටසක් වැඩකරනවා, කොටසක් වැඩකරන්නේ නෑ. කොටසක් ළමයි ඉන්නවා, කොටසක් විශ්වවිද්‍යාල වහලා, දවස් කීපයක් දීලා නැවත ආරම්භ කරමු කිව්වා. ඒ නිසා විශ්වවිද්‍යාල වැහුවා. පුළුවන් ඉක්මනින් අරිනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ගැසට් එකකින් විශ්වවිද්‍යාල වසා දැමීමේ බලය ලබාදී තිබෙනවා.” මෙය නීත්‍යනුකූලව සිදු කළ බවද අමාත්‍යවරයා පැවසී ය.
24 August 2012: 08:37am Gossip Lanka Hot News

Gossip Lanka Hot News Previous News Archive