කටුගෙයි සැක කට්ටිය රිමාන්ඞ්

කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළැයි කියන කෞතුක භාණ්ඩ ළඟ තබාගත්තැයි සැකපිට කැලණියේ ගෝනවල ගැහැණු දෙදෙනෙක් ද, හංවැල්ලේ කුලී රියැදුරෙක් ද, කැස්බෑව වැඩබලන මහේස්ත‍්‍රාත් කාංචන ද සිල්වා මහත්මිය විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

මේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් කොටහේන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරනු ලැබ සිටී.







ඔහුගේ බිරිය වන කැලණිය ගෝනවල කොරතොට ආරච්චිගේ නිලන්ති දේශප‍්‍රිය පෙරේරා, ඔහුගේ සහෝදර හංවැල්ලේ පැතුම්පුර හික්කඩුව ගමගේ සුජීව දේශප‍්‍රිය හා කැලණියේ ගෝනවල සේනාධීරගේ ඉස්තිකා ලසන්තිකා ඔස්ටියා පෙරේරා රිමාන්ඞ් කළ අය වෙති.

නිලන්ති කොළඹ නගර සභාවේ පිරිසුදු කිරීමේ අංශයේ සේවිකාවකි. ඔස්ටියා පෙරේරා ගුවන් සමාගම් සේවිකාවකි. 16 හැවිරිදි දැරිය උසාවියට ඉදිරිපත් කෙළේ නැත. පිළියන්දල පොලිසියේ පොලිස් පරීක්ෂක ගාමිණී කීර්තිරත්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.




Gossip Lanka Hot News Previous News Archive