කපිලවස්තු සර්වඥධාතු හරසරින් පිළිගනී



අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ප‍්‍රමුඛ සියනමක් මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරද්දී කපිලවස්තුපුර සර්වඥධාතු බහාලූ මංජුසාව ඉන්දියා සංස්කෘතික ඇමැතිනි කුමාරි සෙල්ජා කටුනායක ගුවන් තොටේදී මහින්ද රාජපක්ෂ ජනපතිට බාරදුන්නාය. නවදිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේලා රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ කටුනායකට ළඟා විය.
මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියා අගමැති මංමෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබීය.


1978 වසරේ දී ශ්‍රී ලංකාවට ප්‍රථම වර‍ට වැඩම කරවන ලද මෙම ධාතූන් වහන්සේලා ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව වසර 34කට පසු මෙවර ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කෙරේ.
සැප්තැම්බර් 05 දින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරවීමට කටයුතු යොදා ඇති අතර ජනාධිපති කාර්යාලය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දායකත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

* කැලණිය මානෙල්වත්ත විහාරය අගෝ. 19, 20, 21
* පැල්මඩුල්ල රජමහා විහාරය අගෝ. 22, 23
* අනුරාධපුර ජයන්ති විහාරය අගෝ. 24, 25, 26
* කන්තලේ අග්‍රබෝධි විහාරය අගෝ 27, 28
* ගම්පොළ නාරංවිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය අගෝ 29, 30
* වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන අගෝ. 31, සැප්. 01
* මාතර කොටිකාගොඩ රජමහා විහාරය සැප්. 02, 03, 04, 05 දහවල් 12 දක්වා.










Gossip Lanka Hot News Previous News Archive