අප මේ පූජාව පවත්වන්නේ රටටත් ජනාධිපතිතුමාටත් සෙත්පතා, සාමය උදාවේවායි බලාපොරොත්තුවෙන්-මුන්නේෂ්වරම් පූජක

ජනාධිපතිතුමාටත්, රටටත් සෙත්පතා මුන්නේෂ්වරම් බිලි පූජාව පවත්වන බව හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී කාලි කෝවිලේ ප‍්‍රධාන කුරුක්කල් කාලි මුත්තු ශිවපාදසුන්දරම් පවසයි.කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වෙන්නනේ කිසිදු දේශපාලන වාසියක් අරමුණු කරගෙන නොවන බවත් විවිධ පුද්ගලයන් හා විවිධ පාර්ශ්ව තමන්ගේ අත්තනෝමතික අභිමතාර්ථ වෙනුවෙන් මේවා වලක්වන්න කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.


‘අප මේ පූජාව පවත්වන්නේ රටටත් ජනාධිපතිතුමාටත් සෙත්පතා, සාමය උදාවේවායි බලාපොරොත්තුවෙන්. මෙහි පන්සියයකට අධික සතුන් බිලිදෙනවා යයි කීම අමූලික බොරුවක්. දේවාලයේ බිලි දෙනු ලබන්නේ එක් එළුවෙක් සහ කුකුලෙක් පමණයි.
මෙම බිළි පූජාව පැවැත්වෙන්නේ රාම-රාවණා යුගයේ සිටයි. අපි හරක් මරන්නේ නෑ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් මෙහෙට හරකෙක් පූජ කරල තියෙනවා. මේ බිලි පූජාව නවත්වන්න හදන උදවිය රටේ හරක් මස් කඩ වාරණය කරන්න කිසි පියවරක් නොගැනීම ගැන පුදුමයි.
කවුරු මොනවා කිවුවත් අපි ලබන පළමුවැනිදා බිලි පුජාව තියනවා. අපිට ජනාධිපතිතුමාගෙන් කිසිම විරෝධයක් එල්ල වෙලා නෑ’ යයිද ඔහු වැඩිදුරටත් කියා සිටී.

 මුලාශ්‍ර :-

Gossip Lanka Hot News Previous News Archive