එක්සත් රාජධානියේ හිටපු නීතිපති එල්.ටී.ටී.ඊ.යට එක්වෙයි

එක්සත් රාජධානියේ හිටපු නීතිපති රම්සි ක්ලාර්ක් මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාර-ජාතික දෙමළ ඊළාම් රජයේ සෙනට් සභිකයෙකු ලෙස පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ඒ අනුව රම්සි ක්ලාර්ක් මහතා පාර-ජාතික දෙමළ ඊළාම් රජයට පත්වූ නව වන සෙනට් සභිකයාය. 

1965 වසරේ දී මානව හිමිකම් ක්‍රියාවට නැංවීම සහ 1968 වසරේ දී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කළ රම්සි ක්ලාර්ක් මහතාගේ ප්‍රධානතම කාර්යභාර්ය වූයේ එක්සත් රාජ්‍යයේ සංක්‍රමණ පිළිබඳ කටයුතු සැළසුම් කිරීම හා මෙහෙයවීමයි. 

 
ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකිකයෙකු වන ආචාර්ය බ්‍රයන් සෙනෙවිරත්න මහතා ද පාර-ජාතික දෙමළ ඊළාම් රජයේ සෙනට් සභිකයෙක් ලෙස පත්ව ඇත. 
තවත් අතිරේක සෙනට් සභිකයින් හය දෙනෙකු පිළිබඳව ඉදිරියේ දී දැනුම්දෙන බව ඔවුන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive