පිඹුරාගේ කටෙන්ම මියගිය බල්ලා එළියට එයි

බල්ලකු ගිල දැමූ පිඹුරකු අල්ලාගත් අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ තරුණ පිරිසක්‌ ඊයේ (17 දා) දහවල් පිඹුරා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

ඊයේ (17 දා) අලුයම 3.30 ට පමණ ඇසුණු බල්ලකුගේ වේදනාත්මක හඬ නිසා අවදි වූ ගෙහිමියා සොයා බලන විට පිඹුරා විසින් බල්ලා සම්පූර්ණයෙන්ම වාගේ ගිල දමා තිබෙනු දැක තිබේ. පසුව බල්ලාගේ මළ සිරුර පිඹුරා විසින් වමාරා තිබිණි. පිඹුරා දිගින් අඩි 15 ක්‌ පමණ වේ.

අම්බලන්ගොඩ - චන්ද්‍රසිරි ජසෙන්තුලිය

Gossip Lanka Hot News Previous News Archive