ධනවත් ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස්‌ දස වධදී කප්පම් ගත් පාතාල කල්ලිය දැලේ .

ධනවත් ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස්‌ මාවනැල්ල ප්‍රදේශයේ නිවසක සිරකර තබාගෙන ඔවුන්ට දස වධ දෙමින් රුපියල් කෝටි ගණනක්‌ කප්පම් මුදල් ලබාගත් සන්නද්ධ පාතාල කණ්‌ඩායමක්‌ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පෙරේදා (18 දා) අත්අඩංගුවට 

ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් පනස්‌ ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබා ගැනීම සඳහා එම පාතාල කල්ලිය විසින් පැහැරගෙන ගිය ව්‍යාපාරිකයකුගෙන් ලද තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ පරීක්‍ෂක ජනක කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


නජාබ්ඩීන් නමැති පාතාල ප්‍රබලයා විසින් මෙම කප්පම් කල්ලිය මෙහෙයවා ඇති අතර ඔවුන් මේ ආකාරයට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් විශාල පිරිසක්‌ පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන කප්පම් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් නජාබ්ඩීන් ඇතුළු සැකකරුවන් සිව්දෙනා කොළඹ මාලිගාවත්ත, මැල්වත්ත සහ කළුතර යන ප්‍රදේශවල පදිංචි මුස්‌ලිම් ජාතිකයන්ය.

ව්‍යාපාරික කටයුත්තකට යෑයි කියමින් කොළඹ ධනවත් ව්‍යාපාරිකයකු ගෙන්වාගෙන ඇති මෙම පාතාල කල්ලිය පසුව ඔහු වෑන් රියක දමාගෙන මාවනැල්ල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්‌ ඇත. එහිදී දින කීපයක්‌ තිස්‌සේ සිරකර තබාගෙන ව්‍යාපාරිකයාට දසවධ දෙමින් ඔහුගෙන් රුපියල් පනස්‌ ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇත. පසුව මෙම ව්‍යාපාරිකයා එම මුදලින් කොටසක්‌ ලබාදී ඉතිරි මුදල පසුව දෙන බව පවසා කප්පම්කරුවන්ගෙන් මිදී පැමිණ ඇත. මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර මහතාට පැමිණිලි කිරීමෙන් පසු පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අදාළ කප්පම් කල්ලිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කප්පම් කල්ලිය මේ ආකාරයට කොළඹ ව්‍යාපාරිකයන් රැසක්‌ පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන මුදල් ලබා ගෙන ඇතැයි හෙළිවී ඇත. පාතාල කණ්‌ඩායමට ඇති බිය නිසා කිසිවෙකු ඔවුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට නොපැමිණෙන බව ආරංචි මාර්ග පවසයි.

අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර මහතාගේ උපදෙස්‌ මත එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක ජනක කුලරත්න, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන කුලතුංග, බණ්‌ඩාර, සැරයන් (570) රෝහණ, (3895) ප්‍රියන්ත, (67479) සේනාධීර, (81991) කුමාර, (77150) රාමනායක, (67009) ධනුෂ්ක ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.

Gossip Lanka Hot News Previous News Archive