අධ්‍යාපනය රැක ගන්න බන්දුල පොලිසියේ පිහිට පතයි


      රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබඳ ජනතා විශ්වාසය පළුඳු කිරීමේ කුමන්ත‍්‍රණයක් පවතින බැවින් ඒ පිළිබඳ කරුණු සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා. ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනකු ඊයේ පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගය වැරදි සහගතව ක‍්‍රියාත්මක වු බවට ද ප‍්‍රචාරය කරමින් සිටින බවයි අමාත්‍යවරයා පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ.

මෙය අධ්‍යාපන ක්ෂේත‍්‍රය බිඳ දැමීමේ දෙස් විදෙස් කුමන්ත‍්‍රණයක් බවත්  යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් ඊට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට පසුබට නොවන බවත් අදාල ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවුයේ දැයි සොයා බලන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පොලිස්පතිවරයා වෙත අද පෙරවරුවේ ලිපියක් යොමු කර තිබුණා. ඒ පිළිබඳ විමර්ශන කිරීම සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.




Gossip Lanka Hot News Previous News Archive