අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බැවින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා වෙනත් පුද්ගලයෙකු නම් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ඉදිරියේදී සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී අගමැති ධුරයේ වෙනසක් සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා මේ වන විට නම් හතක් යෝජනා වී ඇතැයිද වාර්තා වේ.
වාර්තා වන ආකාරයට කතානායක චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, ජී.එල්. පීරිස්, රත්නසිරි වික්‍රමනායක යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා යෝජනා වී තිබේ.
අග්‍රාමාත්‍ය ධුරය සඳහා චමල් රාජපක්ෂ මහතා නම් කලහොත් කතානායක ධුරය නිමල් සිරිපාලද සිල්වා මහතාට හිමිවනු ඇතැයි පැවසේ.