උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී මන්ත්‍රී ආසන 114න් 63ක් හිමිකර ගනිමින් එම මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.ඒ අනුව සන්ධානයට පළාත් සභා තුනේම මන්ත්‍රී ආසන 114න් 63 ක් හිමිවන විට එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ මන්ත්‍රී ආසන 29ක් පමණි.
මෙරට දේශපාලන ව්‍යාපාරයේ තෙවැනි බලවේගය ලෙස නම් දරා සිටින ජනතා විමුක්ති පෙරමුණට උතුරු මැද පළාත් සභාවෙන් පමණක් එක් මන්ත්‍රී ආසනයක් හිමිවීම විශේෂත්වයකි.
පළාත් සභා මැතිවරණයේදී තෙවැනි ස්ථානය හිමිකර ගත් තමිල් අරසුකච්චි පක්ෂය මන්ත්‍රී ආසන 11ක් හිමිකර ගත් අතර ඒ ඔවුන් තරග කළ නැගෙනහිර පළාත් සභාවටය.
එසේම මන්ත්‍රී ආසන 7ක් ලබා ගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිව්වන ස්ථානය හිමිකර ගත් අතර එයද නැගෙනහිර පළාත් සභාවට තරග කිරීමෙන්ය.
තවද ලංකා කම්කරු කොංග්‍රසය මෙවර සබරගමුව පළාත් සභාවෙන් මන්ත්‍රී ධූර 2ක් හිමිකර ගනිමින් 5වන ස්ථානයට පත්විය.
මීට අමතරව ජාතික නිදහස් පෙරමුණ ද නැගෙනහිර පළාත් සභාවට තරග කරමින් එක් මන්ත්‍රී ආසනයක් හිමිකර ගැනීමට සමත්විය.