මහේලට 20%ක් දඩ, කණ්ඩායමට 10%ක් දඩ


ඊයේ දින ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 ලෝක කුසලාන තරඟාවලිය යටතේ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවති තරඟයේදී  නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව නොයැවීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ නියම කිරීමට අයි.සී.සී.ය තීරණය කොට ඇත.


මහේල ජයවර්ධනයේ තරඟ ගාස්තුවෙන් 20% ක් හා අනෙකුත් ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තුවෙන් 10%ක් ඒ අනුව කපාහැරෙනු ඇත.
ඊයේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ළකුණු 129 ක් ලබාගත් අතර අදාල ළකුණු සීමාව පන්දුවාර 15.2 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Gossip Lanka Hot News Previous News Archive