ලබන 18 වැනි දින ආරම්භ වන 20-20 ලෝක කුසලාන තරඟ නැරඹීම සඳහා විශේෂ බස් රථ සේවයක් යොදවන බව තරඟාවලියේ ආරක්ෂක කටයුතු බාර ප්‍රධානී කැමිලස් ගුණවර්ධන මහතා පවසයි.
ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණය දක්වා දිවෙන බස් රථ මොරටුව, මහරගම, බත්තරමුල්ල, කඩවත, ජා-ඇල නගරයන්ගෙන් ආරම්භ වේ.
හම්බන්තොට, ගාල්ල, පල්ලෙකැලේ සහ සුරියවැව ක්‍රීඩාගණ සඳහාද ආසන්න නගරවල සිට මෙම නොමිලේ ප්‍රවාහන සේවා යොදවා තිබේ.