ශ‍්‍රී ලාංකිකයෙක් ඕසටේ‍්‍රලියා කණ්ඩායම් කාමරයේ, 20-20 තරඟ පාවාදීමක් ?

20-20 ලෝකු ශූරතා තරඟවාලියට සහභාගී වීමට පැමිණි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නැවතී සිටින කොල්ලූපිටියේ සුපිරි හෝටලයේ කාමරයට ඇතුළු වුයේ යයි කියන සිද්ධයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සැකකරුවෙකුට කොටුව මහේස්ත‍්‍රාත්වරයා රු. 50,000ක ශරීර ඇපයක් නියම කලේය.
ඉකුත් 24 වැනි දින සවස  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් නැවතී සිටි කාමරයට අයුතු ලෙස ඇතුලූ වී ‘උඹලට මොනව හරි ෆන් එකක් අවශ්‍ය නම් කියපල්ලා’ යයි පවසා ඇත.

සිද්ධිය දුටු හෝටල් සේවකයෙකු සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මේ පිබඳව ආරක්‍ෂක අංශවලට දැනුම් දීමෙන් පසු පොලීසියට දන්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කාමරයට ඇතුළු වී ඇත්තේ තරඟ පරාජය වීම සඳහා ක‍්‍රීඩකයන් මුදලට ගැනීමට ද කිසියම් උපායක් සකස් කිරීමටද එසේත් නැතහොත් ක‍්‍රීඩකයන්ගේ ජීවිත හානියක් කිරීමටදැයි පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
20-20 ලෝක කුසලානයට සමගාමීව ප‍්‍රධාන පෙලේ ඔට්ටු තබන්නන් කිහිප දෙනෙකු ශ‍්‍රි ලංකාවට පැමිණ ඇතැයි මින් පෙර අවස්ථාවලදී වාර්තා විය.

Gossip Lanka Hot News Previous News Archive