මත්පැන් නිෂ්පාදනය ශීඝ‍්‍රයෙන් ඉහලට, නව නිෂ්පාදන සමාගම් 23ක්


සැර මත්පැන් හා බියර් නිෂ්පාදනය වැඩි වී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා පවසයි.
ඒ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පාලන වාර්තවේ මේ බව සඳහන්ය.

ඉකුත් වසරේ මෙරට තුල සැර මත්පැන් ලීටර මිලියන 53.8ක් නිපදවා ඇති අතර එය 2010 වසරට සාපේක්‍ෂව ලීටර මිලියන 4.8ක වැඩිවීමකි. එසේම 2011 වසරේ බියර් ලීටර මිලියන 87.4ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2010 වසරට වඩා ලීටර් මිලියන 14.1ක වැඩිවීමකි.
මීට අමතරව ඉකුත් වසරේ මත්පැන් නිෂ්පාදනය සඳහා සමාගම් 23කට බලපත්ද ලබා දී ඇත.

Gossip Lanka Hot News Previous News Archive