දියවැඩියා රෝගය හේතුවෙන් දිනකට ප්‍රතිකාර
සඳහා පුද්ගලයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත වන අතර ඉන් පුද්ගලයින්
දෙදෙනෙකු හෝ තිදෙනෙකු දිනපතා මරණයට පත්වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර
සිටී.
මේ හේතුවෙන් දියර කිරිවල පැණි බීමවල සීනි ප්‍රමාණය අවම කිරීමට අවශ්‍ය
නීති 8 ක් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකර ඇත. ලෝකයේ අනෙකුත්
රටවල් දියර කිරි හා පැණි බීමවලට අන්තර්ගත කරන සීනි ප්‍රමාණයන් පිළිබඳව
විශේෂ අධ්‍යනයක් කිරීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන
මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිශාල් ජයතිලක මහතාට උපදෙස් දී ඇත.