ශ්‍රී ලංකාවේ දිනකට දික්‌කසාදවීම් තුන්සියයක් පමණ සිදුවන බව බස්‌නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව කළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.විවාහ දිවියට පිවිසෙන දෙදෙනා අතර පවතින අනවබෝධය නිසා දික්‌කසාද බහුලව සිදුවීමට හේතුවී ඇති බව එම සමීක්‍ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ
විවාහ වී වසරකට අඩු කාලසීමාවකදී මෙම දික්‌කසාදවලින් බහුතරයක් සිදුව තිබෙන අතර වයස අවුරුදු 18 ට අඩු මව්වරු තුන්දහස් අටසිය අනූදෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින බව බස්‌නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවැසීය.
මෙවැනි තත්ත්වයන්ට මුහුණදීම වැලැක්‌වීම සඳහා සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබෙන බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.