කල්පිටිය - කන්දකුලිය ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලැබුවා. තුවාල ලැබූවන් කල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වීම නිසා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවුණා. මියගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක්. තුවාල ලැබූ හතරදෙනා ළමයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ