4G තාක්ෂනය ලබාගන්න පළමුවැනි දකුණු ආසියාතික රට වන්නේද ලංකාවයි.

අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගයන් පිලිබඳ හා සීමාවන් පිලිබඳ ගැටළු රැසකට විසඳුම රැගෙන එමින් අන්තර්ජාල භාවිතයේ මීලග යුගය හෙවත් 4G තාක්ෂණයෙන් ලංකාව 2012 අවසන් වන විට සන්නද්ධ වීමට සුදානම් වන බව වාර්තා වේ.

එමෙන්ම මෙසේ 4G තාක්ෂනය ලබාගන්න පළමුවැනි දකුණු ආසියාතික රට වන්නේද ලංකාවයි. 


 සාමන්‍යය අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ ලැබෙන්නේ 0.50 kbps - 8 mbps අතර වේගයකි. මෑතකදී එටිසලට් වෙතින් ඩුවල් කැරියර් HSPDA මගින් දැනට අන්තර්ජාල සම්බන්ධතා සපයන උපරිම වේගය වන 42MBPS සපයනු ලැබේ.

නමුත් 4G තාක්ෂණය සමගින් එන අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය 100 mbps වේ. 4G තාක්ෂණය ජංගම දුරකථන ජාල ඔස්සේ මෙන්ම (FTTH ) ෆයිබර් ටු හෝම් තාක්ෂණය ඔස්සේ ලබාගත හැක.  

4G තාක්ෂණය සැපයීමට දැනට දුරකථන ජාල තුනක් ඉදිරිපත්වී ඇති අතර ඩයලොග් හා මොබිටෙල් ඒ බව තහවුරුකොට ඇතත් තෙවැනි ජංගම දුරකථන ජාලය මෙතෙක් අප වෙත වාර්තා වී නැහැ.

ඩයලොග් සහ මොබිටෙල් විසින් 4G මෙයට පෙර හදුන්වා දුන් අතර දැනට එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළොඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වසර අවසන් වීමට ප්‍රථම මොබිටෙල් විසින් එය නිල වශයෙන් ප්‍රථමව දියත් කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වේ.

මින් අමතරව 
4G තාක්ෂණය ලබාගතහැකි දෙවන ක්‍රමය වන්නේ ෆය්බර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමයි. මේ සඳහා ඩයලොග් සමාගම විසින් දිවයින් බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් ෆයිබර් ජාලයක් නිර්මාණය කර ඇති අතර මහා පරිමාණ ව්‍යපාරික ආයතන කිහිපයක් වෙත ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවාවන් ලබාදෙමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට ඇත.

ස්ථාවර සම්බන්ධතාවයක් වන ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම්හි අවධානයද යොමුවී ඇති අතර ඔවුන් දැනට පවතින ADSL සම්බන්ධතා සියල්ල අනාගතයේ ෆයිබර් රැහැන් ඔස්සේ ක්‍රියාත්මක කරවීමට සැලසුම්කොට ඇති අතර දැනට ව්‍යාප්ත කල ෆයිබර් ජාලය අනෙක් ආයතන සමග හුවමාරු කරගැනීමට අවශ්‍යය සාකච්ජා හා ගාස්තු මේදිනවල සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

ෆයිබර් ටු හෝම් තාක්ෂණය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කිරීම සඳහා තවත් වසර 4 ක් පමණ ගතවන බව වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive