ලක්ෂ 66ක රත්රන් ගුද මාර්ගයේ

ව්‍යාපාරිකයාට ලක්ෂ 2ක් දඩ

රුපියල් ලක්ෂ 66ක් පමණ වටිනා රත්රන් කැබලි 7ක් තම ගුද මාර්ගයේ සඟවා ගෙන මෙරටින් පිටවීමට තැත්කළ ශ්‍රී ලාංකික ව්‍යාපාර්කයාට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළ රේගුව එම රන් බිස්කට් තොගය රාජසන්තක කළේය.


මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාර්තන මහතා විසින් පෙරේදා (22) සිදු කරනු ලැබීය.

මෙසේ දඩ නියම වූයේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙකුටය. ඔහු මසකට තෙවතාවක් පමණ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බවත් මින් පෙරද එක් වතාවක් මෙලෙස රන්කැබලි සඟවාගෙන රැගෙන ගොස් ඇති බවත් රේගු පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 22ක් වූ බව රේගුව කියයි.

සැකකරු ඉකුත් 21දා සවස ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කරද්දී අදාළ රන් කැබලි සොයා ගෙන ඇත.

ගුවන් තොටුපොළේ සවිකර ඇති එක්ස් කිරණ යන්ත්‍රවලට අසුනොවීම සඳහා සැකකරු මෙම රන් කැබලි කාබන් කොළවල ඔතා ඊට උඩින් කළුපැහැති ගම්ටේප් ගසා තිබූ බව රේගව කියයි.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මෙම රන් කැබලි මිලයට ගත් බවත් ඒවා ඉන්දියාවට ගෙන ගොස් අලෙවි කිරීමේ අරමුණින් මෙලස සඟවාගෙන රැගෙන යාමට උත්සාහ කළ බවත් ඔහු රේගුවට පවසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive