විසි එක් හැවිරිදි පෙම්වතියක විසින් අතුරුගිරියේ නිෙවසක දී ඊයේ (7) අලුයම
තම හැට අට හැවිරිදි නීතීඥ පෙම්වතා මරා දමා තිබියදී පොලිසිය මගින් සොයා ගෙන තිබේ.හිසට මොට ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුකළ කත හා ආයුධය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය
ගාල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.මෙසේ ඝාතනය වි ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙක් බව කියන විල්සන් ජයවර්ධන නමැති
අය බව පොලිසිය සඳහන් කළේය.
මරණය සිදුකළ බව කියන තැනැත්තිය මාස තුනක පමණ කාලයක සිට මරණකරු සමඟ
අතුරුගිරිය ජයගත් මාවත හතරවන පටුමඟ අංක 299/2/H දරණ ස්ථානයේ පදිංචිව සිට
ඇත. එහිදී මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය අය තමා මරාදැමූ බවට සැකකාරිය
පොලිසියට කට උත්තරයක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. මරණකරු මාතර ප්‍රදේශයේ
පදිංචි අයෙකි . මොහු විවාහයෙන් පසු බිරිය සමඟ දෙහිවල පදිංචිවී තිබේ. පසුව
සැකකාර කත සමඟ අනියම් සම්බන්ධය ඇතිකර ගෙන ඇය සමඟ මීට මාස තුනක පමණ සිට
අතුරුගිරියේ මෙම නිවසට තාවකාලිකව පදිංචියට පැමිණ තිබෙන බව හෙළිව තිබේ.
මොහු නිතර ප්‍රේමවන්තිය සැකකරමින් ඇය හා දබරකරගනිමින් ඇයට පහරදීම නිසා
මොහුට පහර දුන් බව ඇය පොලිසියට පවසා තිබේ. සිද්ධිව වූ ස්ථානයට එදින පෙරවරුවේ
පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මරණය පිළිබඳ මහේස්ත්‍රාත්
පරීක්ෂණය පැවැත්විය.
කොළඹ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය රවින්ද්‍ර සමරනායක මහතා අධිකරණ වෛද්‍ය
පරීක්ෂණය පැවැත්වීය.
සිද්ධය වූ ස්ථානයට මියගිය අයගේ බිරියද පැමිණ සාක්කි ලබා දි ඇත. කොළඹ දකුණ
නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි සාලිය
සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අතුරුගිරිය ස්ථානාධිපති කපිල සේනානායක ඇතුළු
නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.