හමුදා මේජර්වරයෙකුට පහරදී පිස්තෝලයක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පොලීසියට බාර වී අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන දෙදෙනා ඊයේ දිනයේම මැගසින් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහට ඇතුලත් කල බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මේ දෙදෙනා බන්ධනාගාරයට ඇතුළු කල වහාම දෙදෙනාටම එකවර ඇතිවූ රෝගී තත්වයක් මත මෙසේ රෝහල්ගත කර තිබේ.
රිමාන්ඞ් භාරයට පත් කෙරුණු අනෙක් සැකකරුවන් පස් දෙනා මැගසින් බන්ධනාගාරයේ සාමාන්‍ය සැකකරුවන් රඳවා සිටින ‘අයි’ වාට්ටුවට ඇතුලත් කර ඇත.