සොහොනක ජීවත් වූ පවුලකට ඇමති මර්වින්ගෙන් සෙවණක්

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් සුසාන භූමියක දිවිගෙවූ අසරණ පවුලකට කැලණිය ආසනයෙන් ඉඩමක් ලබාදී නිවසක් තනා දීමට පියවර ගෙන ඇත.



ජා ඇල, කණුවන කතෝලික සුසාන භූමියේ ජීවත්වන දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක් පිළිබඳ පුවතක් පුවත්පතින් දුටු අමාත්‍යවරයා අදාළ ස්ථානයට ගොස් දරු පවුල හමුවී ඔවුන්‍ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.මේ සිද්ධිය පිළිබඳව පුවත්පතකින් දුටු අමාත්‍යවරයා ‍පසුගිය(28) දින ජා-ඇල පිහිටි එම සුසානභූමිය වෙත ගොස් එම දරු පවුල හමු වී ඔවුන්ගේ තොරතුරු විමසා මේ තීරණය ගන්නා ලදී.

මෙම දරුපවුලේ පියා මුරුගේසු ක්‍රිෂ්ණ බාලු නම් දමිළ ජාතිකයෙකු වන අතර මව සිංහල ජාතික ස්වර්ණලතා නමැත්තියකි. මධුසංඛ (03), මධු මාලන් (02) සහ ලහිරු (01) නමින් කුඩා දරුවන් තිදෙනෙක් ඔවුන්ට සිටියි. දරිද්‍රතාවයේත් පතුලේම ජීවත්වන ඔවුන්ට නිවසක් ලබා දීමට ඇමති මර්වින් කටයුතු කිරීම ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවකි.

එමෙන්ම දකුණු ආසියා‍වේ ළමුන්ගේ වැඩිම සහභාගීත්වයකින් ’2012 ලෝක ළමා දිනය’ සැමරීමට ද අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා ළමා දින වැඩසටහනක් සංවිධානය කර ඇත.

ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි සතුටු උයන පරිශ්‍රයේ දී හෙට(01) එම වැඩසටහන සූදානම් කර තිබේ.

හෙට පෙරවරු 08.00 සිට දවස පුරා ළමුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් එහි සංවිධානය කර ඇතැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙවැනි සද්කාර්යයන් වලට සහභාගී වෙමින් තමා හොඳ සිංහල බෞද්ධයෙකු වන අතර හැමදේට ම ආගම, ආගම කියමින් ආගම් අතර තිබෙන සබඳතා නැතිකර ගැනීම කරදරයක් බව ද ජාතිය, ජාතිය කියමින් ජාති දැමීම ද සුදුසු නොවන බව ද මේ රටේ බලවත් ම වරද සමහර දේශපාලඥයන් සහ සමහර සංවිධාන ආගම සහ ජාතිය වෙන්දේසි කිරීම බව ද ඇමති මර්වින් සිල්වා පැවසීය. අපේ රටේත් ජාතියේත් එකම නායකයා වන අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශනය එක රටක් එක ජාතියක් යන්න බව ද මර්වින්අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Gossip Lanka Hot News Previous News Archive