ජංගම දුරකථන අධිභාවිතය ආර්ථික මර උගුලකි


ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් අහිතකර ලෙස බලපාන්නේ විදේශීය සමාගම්වලට අයත් ජංගම දුරකථන ජාලය බව මේ වන විට ඉතා පැහැදිලිව ඔප්පු වී ඇති බව මවුබිම ලංකා පදනම පවසයි.
මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යවමින් එම පදනම පවසන්නේ ජංගම දුරකතන සඳහා අප රට වැය කරන මුදල ඉන්ධනා සඳහා වැයකරන මුදලටයද වඩා වැඩි බවයි.
ලේඛණයේ මෙසේද දැක්වේ.

ජංගම දුරකථන අධිභාවිතය ආර්ථික මර උගුලකි.

ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් අහිතකර ලෙස බලපාන්නේ විදේශීය සමාගම්වලට අයත් ජංගම දුරකථන ජාලය බව මේ වන විට ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත. අප එසේ පවසන්නේ අප රටේ තෙල් ආනයනය සදහා වියදම් වන මුදලට වඩා වැඩි මුදලක් ජංගම දුරකථන මිලදී ගැනීම හා පාවිච්චිය සදහා වැය කරයි. ඩොලර් මිලියන 4000ක් පමණ මුදලක් තෙල් වලට වැය වන අතර ජංගම දුරකථන සදහා ඊට වඩා වැඩි මුදලක් වැයවන බව සහ ආර්ථිකයට ඉන් ඇතිවන අහිතකර බලපෑම් ලැබෙන ප‍්‍රතිලාභවලට වඩා අතිශයෙන්ම විශාල වන බව පෙනේ.
ඊට අදාල පහත සදහන් ආසන්න දත්ත මගින් ඒ බව තේරුම්ගත හැක.
* මේ වන විට ජංගම දුරකථන මිලියන 20ක් පමණ රටතුළ භාවිතයේ පවති.
100%ක්ම පිටරටින් ගෙන්වන මෙම ජංගම දුරකථනයක මිල රුපියල් තුන් දහසේ සිට රුපියල් ලක්‍ෂ තුනක් දක්වා පරාසයක් අතර පවති. සාමාන්‍යයෙන් එක් ජංගම දුරකථනයක් රු.5000ක් යැයි සිතා ගෙන බැලූවිට සමස්ථ වටිනාකම (20,000,000 x 5000=100,000,000,000) රුපියල් මිලියන ලක්‍ෂයකි. (100,000 Million) එනම් රුපියල් බිලියන 100කි.
* 2011 වර්ෂය සදහා රුපියල් මිලියන 24000ක අලූතින් ජංගම දුරකථන ගෙන්වා ඇත. රේගු දෙපාර්තමේන්තුව හරහා ගෙන එනවාට වැඩි ප‍්‍රමාණයක් ගුවන් මගීන් විසින් මෙරටට ගෙන එන බව රහසක් නොවේ. එහෙත් ඒවායේ වටිනාකම මෙතෙක් ගණනය කර නැත.
* ජංගම දුරකථන මිලියන 20කට මාසික බිල සාමාන්‍යයෙන් ගණනය කිරීමේදි වෛද්‍යරුන්ට දෙන රු6000 මාසික මුදල මදි බව ඔවුන් පවසයි. සමහර අයගේ ඊට වඩා වැඩි වන අතර සමහර අයගේ  අඩුවේ. ගණනය කිරීම සදහා සාමාන්‍ය මාසික බිල රු2000ක් ලෙස ගතහොත් රටේ මාසික බිල රුපිියල් මිලියන 40,000කි. (මිලියන 20 x 2000 = මිලියන රු.40,000)
ඒ අනුව වසරකට (40000 x 12) රු. මිලියන 480,000ක් වැයවේ. එනම් වසරක ජංගම දුරකථන බිල ඇමරිකන් ඩොලර් මිලියන 4800 පමණ වේ. එය තෙල් සදහා වැය වන ඩොලර් මිලියන 4000 වඩා වැඩි නොවේද?
(මෙම වියදම් ජංගම දුරකථන සදහා පමණි. අනෙකුත් TV, Internet, මුදල් ගනුදෙනු සදහා වන වියදම් ද අති විශාලය.)
නමුත් ඒ වසරක දුරකථන බිල පමණි. නව දුරකථන මිලදි ගැනිම සදහා වැය වන මුදල එකතු කළ විට ඩොලර් මිලියන පන්දහස් තුන්සීය ඉක්මවා යන බව පැහැදිලිවේ. මෙම තත්ත්වය අප රටේ ආර්ථිකයට කිසිසේත්ම යහපත් නොවන බව පැහැදිලිය. ඒ අනුව මෙම තත්ත්වය පාලනය කළ යුතුබවට විවාදයක් තිබියනොහැක.
අප රටේ  වයස අවුරුදු 5 දක්වා රටේ ළදරුවන් ප‍්‍රමාණය මිලියන 2.5ක් පමණ වේ. එසේම 5 – 18 දක්වා පාසල් වල ළමයි ප‍්‍රමාණය මිලියන 5ක් පමණවේ. තවද වයස අවුරුදු 70 සිට ඉහළ ජංගම දුරකථන පාවිච්චිය අත්‍යාවශ්‍ය නෙවන අය මිලියන 3ක් පමණ සිටිති. එම පිරිසේ එකතුව මිලියන 10.5 ක් පමණවේ.
ඉහත අයගෙන් වයස අවුරුදු 18ට අඩු ළමයින්ට දුරකථන සේවාවන් ලබා ගැනිමට ගිවිසුම් අත්සන් කළ නොහැක. වයසක හා ළදරුවන් ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නැත.
ඒ අනුව ඉතිරි ජනගහණය දළවශයෙන් මිලියන  10කි. (මිලියන 20 – මිලියන 10.5 = මිලියන 9.5කි)
එසේ නම් ජංගම දුරකථන පාවිච්චි කරන පිරිස ලියාපදිංචි කර ඒවායේ භාවිතය මිලියන 10කට සීමා කිරීම අමාරුදෙයක් නොවේ.එවැනි පරිපාලන තින්දුවකින් මෙරට තුළ අනවශ්‍ය ලෙස වියදම් වන ඩොලර් මිලියන 2500කට වැඩි ප‍්‍රමාණයක් ඉතිරි කරගත හැක.
ඊට අමතරව නව ජංගම දුරකථන ආනයනය කිරීමේදි යම් සීමා කිරීමක් හෝ බදු පැනවීමක් සිදුකළහොත් අවම වශයෙන් වසරකට තවත් ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගත හැක.ඒ මගින් එම මුදල් රටේ වෙනත් ඵලදායි ආර්ථික ක‍්‍රියාවලියකට යෙදවීමට ඉඩලැබෙනවා පමණක් නොව පිටරට දුරකථන සමාගම් රටින් පිටරට ගෙනයන බිලියන ගණන්වන ලාභයෙන් විශාල කොටසක්ද විදේශ විනිමය ලෙස රටතුළ ඉතිරි වනු ඇත.
ඊට අමතරව මුදල් හුවමාරු කිරීම සදහා ජංගම දුරකථන  පාවිච්චි කිරීමට අවසරදීම තුළ තවත් විශාල ආර්ථික අවකි‍්‍රයාවක් සිදුවේ. ජංගම දුරකථන සමාගම් සතු මිලියන 20ක ජංගම දුරකථන ප‍්‍රමාණය මුදල් හුවමාරුව ස`දහා යොදාගත් විට උපකල්පනයක් ලෙස එක්වරකට හෝ මසකට අවම වශයෙන් රු 1000ක් තැන්පත් කළහොත් රුපියල් මිලියන විසිදාහක් මසකදි හෝ ඊට අඩු කාලයකදී රටේ ආර්ථිකයෙන් ජංගම දුරකථන හිමි ආයතනවල ගිනුම්වල බැරවේ.
එනම් අප රටේ ජනාතාව අත තිබිය යුතු මුදල් ජංගම දුරකථන ආයතන වල තැන්පත්වේ. මෙයට කෙසේවත් ඉඩ දියයුතු නැත. ඉඩදී ඇත්නම් එසේ කළ යුත්තේ ලංකාවේ ලියාංදිංච් අවසර ඇති බැංකු හරහා පමණි. (අප දන්නා පරිදි බැංකු හා වෙනත් මුල්‍ය නීතිවලට අනුව එසේ මුදල් තැන්පතු ලබා ගැනීම සදහා අවසර ඇත්තේ බැංකු සහ මුල්‍ය ආයතන වලට පමණි.) එම මුදල් හුවමාරු කි‍්‍රයාවලිය එම වෙළදපලට ඉතා අත්‍යාවශ්‍ය නම් ඒ සදහා ජංගම දුරකථන පහසුකම් පද්ධතිය ලංකාවේ බැංකු පද්ධතිය හා සම්බන්ධ කිරීම කළ හැක.
අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන්  හා  ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ කරුණු පිළිබද සලකා බලා ජාතික ආර්ථිකය රැකගැනීමට ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙසයි.
පිටපත්:
මහා බැංකුව අධිපති ගරු අජිත් නිවාඞ් කබ්රාල් මැතිතුමා, ශී‍්‍ර ලංකා මහා බැංකුව,කොළඹ
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා (අතිගරු ජනාධිපතිතුමාවෙත ඉදිරිපත් කිරීම සදහා)

Gossip Lanka Hot News Previous News Archive