හික්කඩුවේ දී විදේශීය කතක් යලි දුෂණය කරයි

හික්කඩුව ගෝණපීනුවල ප්‍රදේශයේදී නිවසකට ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි පින්ලන්ත ජාතික කාන්තාවක් පසුගියදා දූෂණය කර තිබෙනවා.

අනතුරුව ඇය සතු යූරෝ හාරදහසක්, රුපයල් ලක්ෂ දෙකක් ඇතුළුව ඇයගේ ජංගම දුරකථනය හා විදෙස් ගමන් බලපත්‍රයද කොල්ලකා ඔවුන් පලාගොස් තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට හසුවී තිබෙන අතර අනෙක් තැනැත්තා සොයා හික්කඩුව පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.



පසුගිය අගෝස්තු මාසයේද කොළඹ බදුල්ල අතර ධාවනය වන පොඩිමැණිකේ දුම්රියේදී ප්‍රංශ ජාතික කාන්තාවක් අතවරයට ලක්වූ අතර ඊට පෙර 2011 ඔක්තෝබර් සිට 2012 පෙබරවාරි දක්වා ගතවූ මාස 5ක කාලය තුළ මසකට එක්කෙනා බැගින් විදේශීය කාන්තාවන් ලංකාවේදී අතවරයට ලක්වී තිබුණා.


Gossip Lanka Hot News Previous News Archive