බුත්තල
පැවැති ක්‍රීඩා තරගයකට සහභාගි වී ආපසු නිවසට යමින් සිටි
ශිෂ්‍යාවන් පිරිසක් සෙවනගල හබරළුව වැවේ දිය නාමින්
සිටියදී එක් ශිෂ්‍යාවක් (2 වැනිදා) දියේ ගිලී මියගොස්
තිබේ.මෙසේ මියගොස් ඇත්තේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ අටවන
ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ රන්වලගේ භාග්‍යා දෙව්මිණි නමැති
දොළොස් හැවිරිදි දැරියකි.
ශිෂ්‍යාවන් හතර දෙනකු දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන්
විසින් බේරාගෙන ඇති අතර මියගිය ශිෂ්‍යාව බේරා ගැනීමට දැල්
දමා උත්සාහ කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව
ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබේ.සෙවනගල පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.