Jayalalithaa orders Sri Lankan soccer teams to be sent back
ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායම් කිහිපයක් වහාම එරටින් පිටුවහල් කරන්නැයි තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය නියෝග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඔවුන් ඉන්දියාවට ගොස් ඇත්තේ පුහුණු සැසියක් සහ සුහද තරග කිහිපයක් සඳහාය.එම කණ්ඩායම්වලින් එකක් චෙන්නායි රේගු කණ්ඩායම සමඟ ඉකුත් සිකුරාදා සුහද තරගයකට එක් ව ඇති අතර ඉන් පසුව උත්සන්න වු විරෝධතා සැළකිල්ලට ගනිමින් ජයලලිතා ජයරාම් මහත්මිය මෙසේ නියෝග කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායම් සහභාගී වන කිසිදු තරගයකට මින් ඉදිරියට අවසර ලබා නොදෙන්නැයිද නියෝග කර ඇති ඇය එවැනි තරග පැවැත්වීම දෙමළ වැසියන්ට අපහාසයක් බවද