පොට්ට නවුෆර්ගේ මහ සැලැස්මක් හෙළිවේ.


හිටපු මහාධාකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටින මොහොමඞ් නියාස් නවුෆර් හෙවත් ‘පොට්ට නවුෆර්’ නැතැත්තා බන්ධනාගාරයෙන් පළා යාමට යොදා තිබූ සැළැස්මක් හෙළිවීමත් සමඟ වහාම ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉකුත්දා කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ අධි ආරක්‍ෂිත සිරකුටියේ සඟවා තිබී ජංගම දුරකතනයක් හා බන්ධනාගාරයේ ආරක්‍ෂක සැලැස්ම සහිත සිතියමක්ද සොයාගෙන තිබිනි.
මේ සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රශ්ණ කිරීම්වලදී ඔහු කිසිත් ප‍්‍රකාශ කර නැත. කලක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘නවුෆර්’ විරුද්ධවාදියෙකුගේ පිහි පහරට ලක්වීමේ හේතුවෙන් ජීවිත අරක්‍ෂාව සඳහා මීට පෙර බෝගම්බරට මාරු කලේය.

Gossip Lanka Hot News Previous News Archive