ඉකුත් 25 වන දින මෙලොවින් සමුගත් සඳ තරණය කල පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝං ගේ දේහය සාගරයේ පත්ලේ මිහිදන්කිරීමට තීරණය කර තිබේ.
මේ මිහිදන් කිරීම ලබන සැප්තැම්බර් 13දා අමෙරිකානු අගනුවර පවත්වන ප්‍රසිද්ධ අනුස්මරණ උත්සවයකින් පසු සිදු කෙරෙනු ඇත
82 හැවිරිදිව සිටියදී ඉකුත් අගෝස්තු 25 දා මියගිය ආම්ස්ට්‍රෝං අණුස්මරණය කරනු පිණිස වොෂින්ටනයේ ජාතික දෙව්මැදුරේ පැවැත්වෙන උත්සවයට නාසා ආයතනයේ ප්‍රධානී චාර්ල්ස් බෝල්ඩන් ලවත්මන් හා හිටපු අභ්‍යවකාශ ගාමින් හා වෙනත් සම්භාවනීය පුද්ගලයන් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතය