අළුගෝසු තරගය නිමවෙයි

අළුගෝසු හෙවත් වදක තනතුර සඳහා පුද්ගලයින් ඉදිරි දෙසතිය තුළ තෝරා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. අදාළ තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ පවත්වනු ලැබීය. එහිදී පුද්ගලයින් 65 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට අදාළ තනතුර සඳහා සුදුසුකම් සපුරා සිටින පුද්ගලයින් දස දෙනෙකු පමණ හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු මෙම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිතය. ඉදිරි සති දෙක තුළ එම තෝරාගැනීම සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩිප්පිලි මහතා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive